මෙම විදුහල 1886 වර්ෂයේ මුදුන තුංමං හන්දියේ පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක ආරම්භ කරන ලදි. කණුමුල්දෙණිය ගමේ මංගල නැමැති මහතෙක් මෙහි මුල් ගුරුවරයා වූ අතර ගුරුවරු 02 ගෙන් හා ළමයි 06 දෙනෙකුගෙන් පාසල ආරම්භ විය

- වර්තමාන භූමියේ විදුහල ආරම්භ කරන ලද්දේ 1897 දී බව සදහන් වේ. එහි විදුහල්පති එල්.සි. ගුණවර්ධන මහතාණන් විය. විද්‍යාල භූමිය පරිත්‍යාග කළ දොන් දියෝනිස් ගුණසේකර වෙල්ලප්පිලි හා අබේසිරි නාරා වනිගරත්න යන මහත්වරුන් දෙපල ගැන පාසලේ ගල් පුවරුවේ සදහන් වේ.
- කුඩා පාසලක් ලෙස ආරම්භ වූ මෙම විද්‍යාලය 8 ශ්‍රේණිය දක්වා පැවැත්විණි. 1925 දී පාරෙන් ඉහළ පිරිමි පාසලත් පහළ ගැහැණු පාසලත් ලෙස පැවැත්විණ.
- 1947 දී කණිෂ්ට මිශ්‍ර පාසලක් ලෙස නැවත ආරම්භ වූ විද්‍යාලය 1957 දී මහා විද්‍යාලයක් බවට පත්ව ඇත.
- 1964 දී වලස්මුල්ල මහා විද්‍යාලය හා ප්‍රාථමික විද්‍යාලය යනුවෙන් කොටස් දෙකකට බෙදන ලදි. එදා සිට මේ දක්වා විදුහල්පතිවරු 12 දෙනෙක් නියමුවන් ලෙස කටයුතු කර ඇත. 1997 දී මෙම පාසල ජාතාක පාසලක් බවට පත් කරමින් විද්‍යාලයේ පැවැති පැරණිතම ගොඩනැගිල්ල කඩා ඉවත් කර තෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අවස්ථාව ලබා දුන්නේ හිටපු අධ්‍යාපන අමාත්‍ය ගරු රිචඩ් පතිරණ මැතිතුමාය.
- උස් භූමියක පිහිටි මෙම විද්‍යාලය අක්කර 04 රෑඩ් 02 (ව.අ.19600) වපසරියක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3436 අධ්‍යාපනය ලබන සමාන්තර ශේණි 76 කින් යුක්ත උසස් පෙළ විද්‍යා /කලි/වාණිජ/තාක්ෂණ විෂය ධාරා මෙහි ක්‍රියාත්මක වේ. ගුරු මණ්ඩලය 143 හා 22 කින් යුත් අනධ්‍යයන කාර්යය මණ්ඩලයකින් සමන් විත වේ.
- හ/වලස්මුල්ල ජාතික පාසල දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල අධ්‍යාපන කලාපයේ පිහිටි ජාතික පාසල් තුනෙන් එකකි.
|
ආරම්භ කළ වර්ෂය |
1886 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
36 |
|
මුල් ගුරුතුමාගේ නම |
මංගල මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
වලස්මුල්ල ජාතික පාසල |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මුදුන තුංමං හන්දියේ පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ල |





