වලස්මුල්ල ජාතික පාසල

ලකුණු පුවරුව

slide 1.png
slide 1.png

විදුහල්පති පණිවිඩය

ආර්. එම්. කරුණාරත්න

"අද අප ජීවත් වන්නේ දැනුම පුපුරා යන සමාජයකය. අද සමාජ ගත වන යම් යම් දැනුම් සම්භාරයන් තවත් දින කිහිපයකින් යල්පැනගිය තත්වයට පත්විය හැක. එපමණටම සයිබර් අවකාශය හරහා නව දැනුම ලෝකයට කාන්දු වෙමින් පවතී. වර්තමාන ශිෂ්‍ය පරපුර පරිගණක තාක්ෂණයේ අත් පොත් තබා මෙම දැනුම් සම්භාරය උකහා ගැනීමට වෙර දරමින් සිටිති. ඔවුන්ට ඒ සඳහා විවර වී ඇති අවකාශය පුළුල් වෙමින් පවතී. මෙසේ සයිබර් අවකාශය හරහා නව දැනුම සොයා යන දරුවන්ට එතුලින් විපුල ඵල ප්‍රයෝජන ලැබිය හැකිවාක් මෙන්ම එතුලින් යම් යම් අහිතකර තත්වයන්ට මුහුණපෑමට සිදුවීමේ ඉඩහසරක් පවතී. එය මැනවින් තේරුම් ගෙන මානව සමාජයේ ප්‍රගමනයට හේතු වන ඉසව් හරහා තම ගමනාන්තය වෙත යාමට දරුවන් උත්සුක විය යුතුය.එමෙන්ම පරිගණක තාක්ෂණය ඔස්සේ නව දැනුම සොයා යන අපේ ආදරණීය දරුවන්ට තම ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මෙසේ එළඹෙන ඉසව් ඔස්සේ සාර්ථකව තම ගමනාන්තය සනිටුහන් කිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවා යි ඉතසිතින් ප්‍රර්ථනා කරමි."

 

ආර්. එම්. කරුණාරත්න
විදුහල්පති
හ/වලස්මුල්ල ජාතික පාසල.