වලස්මුල්ල ජාතික පාසල

ලකුණු පුවරුව

slide 1.png
slide 1.png
වලස්මුල්ල ජාතික පාසල් බෞද්ධ සංගමය

වලස්මුල්ල ජාතික පාසල් බෞද්ධ සංගමය

වලස්මුල්ල ජාතික පාසල් බෞද්ධ සංගමයේ අරමුණ හා පරමාර්ථය

“නමාමි බුද්ධං ගුම්ණසාගරත්තං”

 

ක්‍රි. පූ.6 වන  සියවියවසෙහි ලොව පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා මෙදා තුර ලොව පහළ වූ ශාස්තෘවරුන් අතරින් අසමසම ශාස්ත්‍ර හරහා නොවේ රජාණන් වහන්සේ එදා මෙදා තුර ලොව පහළ වූ ශාස්තෘවරුන් අතරින් අසමසම ශාස්තෘවරයාණොය.ඒ බුදුන් වහන්සේ ඓතිහාසික ශාස්තෘවරයෙකු වන නිසාවෙනි.උන්වහන්සේ සැබෑ මානුෂීය අත්දැකීම් වලින් පිරුණු ශාස්තෘවරයෙකි.ලොව උතුම් ශිලයෙන් ගුණයෙන් ප්‍රඥාවෙන් පිරිපුන් බුදු බුදුරජාණන් වහන්සේ මෙලොවට පෙර නො ඇසූ විරූ ධර්මය දේශනා කළහ උතුම් දහම් සංදෘෂ්ටික ගුණයෙන් හා ඒහිපස්සික ගුණයෙන්  යුක්ත වීමත් සර්වකාලීන සර්වභෞමික ගුණයෙන් යුක්ත වීමත් අවිහිංසාව පදනම් කර ගත් මුල් මහත් ජීව අජීව ලෝකය සුරක්ෂිතතාව තහවුරු කළ ද දර්ශනයක් වීමත් ලෞකික ලෝකෝත්තර උභයාර්ථ සංසිද්ධිය සාධනය කරලන දහමක් වීමත්, නිසාම ඒ උතුම් ශාස්තෲන් වහන්සේ සරණ ගිය පාරම්පරික බොදු දරුවන් හාරදහසකට ආසන්න ප්‍රමාණයක් සිප්සතර හදාරන වලස්මුල්ල ජාතික පාසල් මාතාවගේ තවත් උතුම් මෙහෙවරක් වන්නෙ ගුණ නැණ, සවියෙන් පිරිපුන් බොදු දරු කැලක් දායාද කරයි. බෞද්ධ සංගමයක් ලෙස සක්‍රීය සංවිධානයක් ක්‍රියාත්මක කිරීමයි.විෂය විෂයාන්තර කරුණු සොයා යමින් නවීණ ලෝකයේ තරඟකාරී වෙහෙසර අධ්‍යාපන රටාවෙන් විඩාබර සිත් සුවපත් කරන අධ්‍යාපනයේ පාරදීසය බෞද්ධ සංගමයයි.  බුදු දහමේ ඉගැන්වෙන සාරවත් කරුණු ස්වකීය ජීවිතට ලං කරලමින් විනය ගරුක, මානව වාදී, ගුණයන්ගෙන් සුපෝෂිත ජීවිත පරිඥායෙන් හෙබි මෛත්‍රී කරුණාව මුදිතාව උපේක්ෂාව ප්‍රගුණ කරමින් බෞද්ධ සංස්තිකාංග හා බෞද්ධ කලාවේ හරයත් රසඥතාවත් පෙරටු කොටගත් උදාර මිනිසෙකුට අවැසි මග පෙන්වීම බෞද්ධ සංගමයේ අරමුණ හා පරමාර්ථයයි.